“වරිග මහගෙදර ” 09දා සිට යළි විවෘත කෙරේ

ලෝක ආදිවාසි දිනයට සමගාමිව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මගින්  නවීකරණය කරන ලද  “වරිග මහගෙදර ” ආදිවාසි ජන උරුම කෞතුකාගාරය  අගෝ: 09දා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව ඇත ..


ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසයේ අභිමානය  තවදුරටත්  විදහා  දක්වමින් ආදිවාසී  මානවයාගේ   උරුමය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරමින් ඔවුන්ගේ චාරිත්‍රවාරිත්‍ර  සංස්කෘතික සෞන්දර්ය මෙන්ම  ඔවුන් හා බැදුනු  ජන ජීවිතයේ අනේකවිධ  සිද්ධිදාමයන් නිරූපනය කරමින් ඔවුන්ගේ උරුමයේ  අනන්‍යතාවය තවදුරටත් ඔප්නංවමින් නවීන තාක්ෂණය සම්බන්ධ කරගනිමින් ඉතා දැකුම්කළු ලෙස නිමවා ඇති ප්‍රදර්ශන කුටිවලින් සමන්විත මෙම කෞතුකාගාරය, ආදිවාසී  උරුමය  ජනයාට කියාපානවා පමණක්  නොව  අධ්‍යාපනික වටිනාමෙන් ද අනූන  ලෙස නිමවා  ඇත.

මෙමගින්  සංචාරක කර්මාන්තය දියුණු කිරීම මෙහි  මූලික  අරමුණ බවට  පත් වී ඇති අතර දෙස් විදෙස් සංචාරකයන් ලංකාවේ උරුමය පිළිබඳ ඇති  ආශාව මෙහිදී මල්ඵල ගැන්වෙනු ඇති බවද සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ උරුම අංශය පවසයි.
“වරිග මහගෙදර ” 09දා සිට යළි විවෘත කෙරේ  “වරිග මහගෙදර ” 09දා සිට යළි විවෘත කෙරේ Reviewed by Unknown on 6:25 PM Rating: 5
Powered by Blogger.