ඉන්දියන් ජාතික සුන්දර් පිච්චයි ගූගල් සමාගමේ ප්‍රධානියා බවට පත් වේ
ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ පත්වීම් ලද ඉන්දියානුවන් අතරට එක් වෙමින් සුන්දර් පිච්චයි ගූගල් සමාගමේ ප්‍රධානියා බවට පත් වී තිබේ. හතළිස් තුන් හැවිරිදි පිච්චයි උපත ලබා තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නගරයේදී. තමා ඉගනුම ලත් චෙන්නායිහි පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති පිච්චයි කලාපීය මට්ටමේ ක්‍රිකට් ජයග්‍රහණ රැසක් කරා තම කණ්ඩායම මෙහෙයවා තිබේ.
කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයේ ඉංජිනේරු විෂය හදාරා ඇති පිච්චයි කණ්ඩායමේ සිටි දීප්තිමත්ම සිසුවා ලෙස ඔහුගේ ගුරුවරු හඳුන්වති. ඔහු ගූගල් සමාගම හා එක් වී ඇත්තේ දෙදහස් හතර වසරේදීයි. ගූගල් වෙබ් බ්‍රව්සරය, ගූගල් ක්‍රෝම් සහ ජංගම දුරකථන හා සම්බන්ධ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යන අංශ ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතිණි. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන පද්ධතිය ලෙස හැඳින්වෙන අතර දොළොස් වන විය එළඹෙන තෙක් පිච්චයිගේ නිවසේ දුරකථන පහසුකම් නොවුණි.

‘බ්ලූම්බර්ග්’ සඟරාවට අනුව පිච්චයි සිය දෙමව්පියන් සහ සහෝදරයා සමග ජීවත් වී ඇත්තේ නිදන කාමර දෙකකින් සමන්විත තට්ටු නිවසකයි. එහි තමාටම වෙන් වූ කාමරයක් නොමැති වූ හෙයින් පිච්චයි තම නිදන කාමරය ලෙස යොදා ගෙන ඇත්තේ විසිත්ත කාමරයයි. පිච්චයිගේ නිවසේ රූපවාහිනියක් හෝ ගමන් පහසුව සඳහා කාරයක් නොවුණි. පිච්චයිගේ ළමා මනස තුළ තාක්ෂණය නමැති බීජය රෝපණය කොට ඇත්තේ ප්‍රමුඛ පෙළ විද්‍යුත් උපාංග නිෂ්පාදන සමාගමක එවකට සේවය කළ ඔහුගේ පියායි. 'මම ගෙදර ඇවිත් දවසේ සිදු වූ දේවල් ගැන සහ මුහුණ දෙන්න වුණු අභියෝග ගැන ඔහු සමග කතා කරනවා' පිච්චයිගේ පියා ‘බ්ලූම්බර්ග්’ සඟරාවට පවසා තිබේ. දුරකථන අංක මතකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කුඩා පිච්චයිට විශිෂ්ට හැකියාවක් තිබුණු බවත් ඔහුගේ පියා සඳහන් කරයි. කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයෙන් උපාධිය ලබා ගත් පිච්චයිට ස්ටැන්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යත්වයක් හිමි වී තිබේ. ඇමරිකාව බලා යෑම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පතෙහි මිල පිච්චයිගේ පියාගේ වාර්ෂික අදායමට වඩා වැඩි අගයක්.
(under the courtesy of BBC web)
(under the courtesy of BBC web)
ඉන්දියන් ජාතික සුන්දර් පිච්චයි ගූගල් සමාගමේ ප්‍රධානියා බවට පත් වේ
Reviewed by Unknown
on
10:33 AM
Rating:
Reviewed by Unknown
on
10:33 AM
Rating: