චන්ද්‍රිකා කුමාරණතුන්ග ශ්‍රීලනිප යේ වැඩ අල්ලයි

ඉදිරියේදී ජාතික රජයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද අනුමැතිය දුන් බව වාර්තා වන අතර හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වසර 10 ට පසු එයට සහභාගී වී ඇත.


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අතර මේ ගැන තවදුරටත් ක්‍රියා කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් සය සාමාජික කමිටුවක්ද පත් කරනු ලැබීය.

එම කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී.දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන පිරිස අයත්වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් සඳහා පැමිණියේ වසර 10කට පසුවය.
චන්ද්‍රිකා කුමාරණතුන්ග ශ්‍රීලනිප යේ වැඩ අල්ලයි චන්ද්‍රිකා කුමාරණතුන්ග  ශ්‍රීලනිප යේ වැඩ අල්ලයි Reviewed by Unknown on 5:10 PM Rating: 5
Powered by Blogger.