ඡන්දය නිසා අධිවේගයෙන් නොමිලයේ යන්න

සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ඡන්ද දායකයන් වෙනුවෙන් පහසුව සලසනු වස් එළැඹෙන 17දා අධිවේගී මාර්ගයට අතුළුවන සියලුම වාහන සඳහා පැය 12ක කාලයක් නොමිලේ අතුළුවවීමට අවස්ථාව ලබා දි තිබේ.


ඒ අනුව එදින පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා නොමිලයේ අධිවේගී මාර්ගය භාවිත කළ හැක. එසේම කටුනායක හා කොළඹ පිටත අධිවේගී මාර්ගයට යතුරු පැදි හා ත්‍රිරෝද රථ සඳහා අතුළුවීමටත් අවසර ලබා දී තිබේ.

ඡන්දය නිසා අධිවේගයෙන් නොමිලයේ යන්න ඡන්දය නිසා අධිවේගයෙන් නොමිලයේ යන්න Reviewed by Unknown on 3:56 PM Rating: 5
Powered by Blogger.