ඡන්දය දෙන්නේ මෙහෙමයි
ලබන 17 වැනිදා දිවයින පුරාම පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සහ මනාප සලකුණු කිරීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සහ ඡන්ද පත්‍රිකා ආදර්ශ ආකෘතියක් මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.
එම පැහැදිලි කිරීමට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් මඟින් කතිර ලකුණක් යෙදිය යුත්තේ ඔබ කැමති පක්ෂයේ කණ්ඩායමේ ලකුණට ඉදිරියෙන් ඇති හිස් අවකාශයේ පමණක් වන අතර මෙම හිස් අවකාශයේ තවත් ස්ථානයක හෝ කීපයක කතිර එකකට වඩා යෙදුවහොත් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ස්වාධීන කණ්ඩායම් එකකට වඩා ඉදිරිපත් වී ඇත්තේ නම් ඡන්ද පත්‍රිකාවේ එම කණ්ඩායම් අංක අනුව වර්ගීකරණයක් කරන අතර එම අංකවල කතිරය නොගසන ලෙසට මැතිවරණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඔබ පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මනාප අංක සලකුණු කළ යුතු වන්නේ මනාප අංක දැක්වෙන කොටු තුළ පමණක් බව ද ප්‍රකාශයට පත් කොට ඇති ආකෘති පත්‍රයේ සඳහන් වෙයි. පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ඡන්දයක් සලකුණු කොට නැති ඡන්ද පත්‍රිකාවක් වලංගු නොවන අතර එහි කිසිදු වටිනාකමක් නොමැති බැවින් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කරනු ලබයි. එසේම ප්‍රථමයෙන් ඡන්දය ලකුණු කිරීම සහ ඉන් පසුව කැමති නම් මනාප සලකුණු කළ යුතු බවත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් වල සඳහන් වේ.

Reviewed by Unknown
on
4:27 PM
Rating:
Reviewed by Unknown
on
4:27 PM
Rating: