වෛද්‍ය සිසුවියට අතවර කර නිරුවත් ජායාරුප ලබාගත් සිසුවා රිමාන්ඩ්
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ශිෂ්‍යාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරුවත් කර ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම හා ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්, එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයකු අගෝස්තු 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පෙරේදා (29දා) නියෝග කළේය.
ලිංගික අතවරයට පත් වෛද්‍ය ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව, සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පැමිණිලිකාරිය දැනට රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වෛද්‍ය ශිෂ්‍යාවක් බවත්, ඇය 2013 වර්ෂයේදී පමණ සැකකාර සරසවි සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර, විවිධ නොගැළපීම් හේතුවෙන් එම සම්බන්ධය අතහැර දමා ඇති බවත්, මවුපියන්ගේ මංගල යෝජනාවකට අනුව 2015 ජනවාරි 13 වැනිදා, පැමිණිලිකාරිය වෙනත් අයකු සමඟ විවාහ ගිවිසගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
පැමිණිලිකාරිය ඇයගේ ආධුනිකත්ව පුහුණුව අනුරාධපුර මහ රෝහලේ සිදු කරන කාලයේදී දිනක් මෙම සැකකරු අනුරාධපුර රෝහල අසලට පැමිණ ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන අනුරාධපුර ප්‍රදේශයේම පිහිටි හෝටලයක කාමරයක් වෙත රැගෙන ගොස් පහරදී තර්ජනය කර බිය වද්දා ඇය නිරුවත් කර ඡායාරූප ලබාගෙන ඇත.
එසේ ඡායාරූප ලබා ගැනීමෙන් පසුව ඇය සමඟ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සැකකරු විසින් සිදු කරන ළද බව වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
ඉන් අනතුරුව අප්‍රේල් 28 දින සැකකරු විසින් පැමිණිලිකාරියගේ නිරුවත් ඡායාරූප කීපයක් විද්‍යුත් තැපෑල මඟින් ඇය වෙත යොමුකර ඇති අතර විවාහක තැනැත්තා අතහැර ඔහු සමඟ නැවත ලිංගික කටයුතු පවත්වාගෙන යන ලෙසට තර්ජනය කර ඇත. එසේ නොපැමිණියහොත් එම ඡායාරූප ෆේස්බුක් මඟින් අන්තර්ජාලයට යොමු කරන බවටද පැමිණිලිකාරියට තර්ජනය කර ඇත.
මෙසේ ෆේස්බුක් එකට බෙදා හැරීම සඳහා සැකකරු විසින් පැමිණිලිකාරියගේ නිරුවත් ඡායාරූප - වෛද්‍ය ශිෂ්‍යාවක් වශයෙන් සිටින ඡායාරූප හා තවත් ඡායාරූප කිහිපයක එකතුවකින් දැන්වීමක් නිර්මාණය කර, එය ප්‍රචාරය කිරීම පිළිබඳ ලබා ගන්නා ලද පරිගණක පිටපත් පැමිණිලිකාරිය විසින් ඇයගේ පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට යොමුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වූ බව රහස් පොලිසිය දන්වා සිටියේය.
එහිදී පැමිණිලිකාරියට පහර දීමෙන් අසරණව හඬමින් සිටින අවස්ථාවල හා සිහිසුන්ව නිරුවතින් හෝටල් කාමරය තුළ වැටී සිටින අවස්ථාවලදී, සැකකරු විසින් ලබා ගන්නා ලද ඡායාරූප විද්‍යුත් තැපෑල මඟින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බවද රහස් පොලිසිය දන්වා සිටියේය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී, එම අපරාධයට යොදාගත් ඩිජිටල් කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකතනයක්, දත්ත බහාලන උපකරණයක් අත්අඩංගුවට ගත් බව දන්වා සිටි රහස් පොලිසිය, සැකකරු මෙසේ රැගෙන ගොස් ඡායාරූප ගත් ස්ථානයන් හා පුරුද්දක් ලෙස කාන්තාවන් මෙසේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ගත්තේද? යන්න සම්බන්ධයෙන් ද, පරිගණක නිර්මාණ සිදු කිරීම සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන සිදු කරන බව දන්වා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක දයානන්ද මහතා සමඟ සැරයන් අසංක ශ්‍රී ලාල් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

Reviewed by Unknown
on
7:46 PM
Rating:
Reviewed by Unknown
on
7:46 PM
Rating: