සියලූ කටයුතු සිදුකරන්නේ පාර්ලිමේන්තුවට යටත්වයි
ආණ්ඩුවේ සියලූ කටයුතු සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ නගර නිර්මාණ නිරීක්ෂණ චාරිකාවකට අද පස්වරුවේ එක්වෙමින්. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව අවට මාර්ග රැසක සංචාරය කරමින් ගොඩනැගිලිවල තත්ත්වය සහ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලූවා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව ඊට අදාළ යෝජනාව සැප්තැම්බර් 3 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළා.
කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පෞරාණික බවට හානි වන අයුරින් සිදුකරන සියලූ ඉදිකිරීම් නවත්වන ලෙස අද උපදෙස් ලබාදුන් බවයි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව ඊට අදාළ යෝජනාව සැප්තැම්බර් 3 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළා.
කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පෞරාණික බවට හානි වන අයුරින් සිදුකරන සියලූ ඉදිකිරීම් නවත්වන ලෙස අද උපදෙස් ලබාදුන් බවයි.
සියලූ කටයුතු සිදුකරන්නේ පාර්ලිමේන්තුවට යටත්වයි
Reviewed by Unknown
on
9:27 PM
Rating:
Reviewed by Unknown
on
9:27 PM
Rating: