සන්ධානයේ නායකයන්ට ජනපතිගෙන් ඇරයුමක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සාකච්ඡාවක් සඳහා ඇරයුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. පක්ෂ කාර්යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන අතර, විවෘතව තම අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප‍්‍රකාශ කළේ රැස්වීමක් සඳහා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවට එක්වන අතරම විපක්ෂයද නියෝජනය කිරිම පිළිගත නොහැකි බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
සන්ධානයේ නායකයන්ට ජනපතිගෙන් ඇරයුමක් සන්ධානයේ නායකයන්ට ජනපතිගෙන් ඇරයුමක් Reviewed by Unknown on 2:24 PM Rating: 5
Powered by Blogger.