නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ අද දිවුරුම් දුන්නා
ශ‍්‍රී ලංකාවේ 23 අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ් ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙරට අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්. මීට පෙර ලෝක ඉතිහාසයේ සිව් වරක් අග‍්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ මීට වසර 121 කට පෙර බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළ විලියම් එවර්ට් ග්ලැඞ්ස්්ටන් පමණයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සියලූදෙනා පාහේ පැමිණ සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද නව අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා
නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ අද දිවුරුම් දුන්නා
Reviewed by Unknown
on
10:28 AM
Rating:
Reviewed by Unknown
on
10:28 AM
Rating:
