මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරේ

රජයේ මුද්‍රණාලාධිපති ගාමිණී ෆොන්සේකා මහතා පැවසුවේ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ගැසට් කිරීමට ඊයේ රාත්‍රියේ පියවර ගත් බව ය.

රජයක් පිහිටුවීම සඳහා වන මූලික ක්‍රියාමාර්ගය ගැනෙණුයේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් සහ ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරුන් 29 දෙනාගේ නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගැසට් කිරීමෙන් අනතුරුව ය.

අනතුරුව නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීම සිදුවේ.

නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස පළමු වන දා රැස්වීමට නියමිත ය.

මේ අතර ප්‍රතිඵල නිකුත් කිරීමේ දින සිට සතියක් තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ, ජයග්‍රහණය කළ පක්ෂවල මහ ලේකම්වරුන් එම ලැයිස්තු ඉදිරිපත් කළ යුතු බව ය.
මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරේ මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරේ Reviewed by Unknown on 10:05 AM Rating: 5
Powered by Blogger.