බෑන් කී මූන්ගෙන් පණිවිඩයක්

පැවති මහ මැතිවරණයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව පත් වුණු එක්සත් ජාතික පෙරමුණු නව රජයට යහපාලනය, වගකීම සහ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය හරහා දිගුකාලීන සාමයක් සහ සමෘද්ධියක් රට තුළ ගොඩනැගීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සාමකාමී සාධාරණ මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාවට ප‍්‍රසංශාව පළ කරන බව මහ ලේකම්වරයා නිකුක් කළ පණිවුඩයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ජනතාවගේ ඡන්ද අයිතිය සහතික කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ  ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජගත් මහ ලේකම්වරයා සුබ පතා ඇත.
ඊට අමතරව නීතිය අකුරට කි‍්‍රයාත්මක කරමින්, සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට ද මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ සුභාෂිංශන හිමිව ඇත.
බෑන් කී මූන්ගෙන් පණිවිඩයක් බෑන් කී මූන්ගෙන් පණිවිඩයක් Reviewed by Unknown on 10:42 PM Rating: 5
Powered by Blogger.