හඳුන්නෙත්ති හා මායාදුන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුවට

ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා සුනිල් හඳුන්නෙත්ති හා සරච්චන්ද්‍ර මායාදුන්නේ යන මහත්වරුන් පත් කර ඇතැයි එම පක්ෂ ආරංචි කියයි.

ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයේදී ආසන 4ක් හිමිවූ අතර ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුර කුමාර දිසානායක, ගම්පහින් විජිත හේරත්, කළුතරින් නලින්ද ජයතිස්ස හා හම්බන්තොටින් නිහාල් ගලප්පත්ති යන මහත්වරු තේරී පත්වූහ.
හඳුන්නෙත්ති මහතා මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළද එම දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් හිමි නොවීය. මායාදුන්නේ මහතා හිටපු විගණකාධිපතිවරයෙකි.
හඳුන්නෙත්ති හා මායාදුන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුවට හඳුන්නෙත්ති හා මායාදුන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුවට Reviewed by Unknown on 11:59 AM Rating: 5
Powered by Blogger.