කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද සිට ඇරඹේ

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ කිරීමට නියමිතය.


 කොළඹ නුවර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩවත සිට මීරිගම දක්වා සිදු කරනු ලැබේ. මෙහි දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර කුරුණෑගල සිට මහනුවර දක්වා ඉදි කිරීමට නියමිතය.

මේ අතර, කඩුවෙල සිට කඩවත දක්වා කොළඹ පිටත වටරවුම් පාර මෙම මස 08 වැනිදා විවෘත කිරීමට නියමිතය. රුපියල් බිලියන 45ක් වැයකොට මෙම කොටස ඉදි කර ඇත.
කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද සිට ඇරඹේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ  ඉදිකිරීම් අද සිට  ඇරඹේ Reviewed by Unknown on 3:35 PM Rating: 5
Powered by Blogger.