තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරබේ

2015 මහා මැතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීම පස්වරු 4.30 ආරම්භ කලබව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ .එල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන වල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය මේ වන විට සිදු කෙරෙන අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාව එම කටයුතු වලට බාධාවක් නොමැති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කර ඇත්තේ .

අද පස්වරු 4 ට ඡන්දය ප්‍රකාශ කිරීම් අවසන් වනවිට ගාල්ල ,නුවරඑලිය ,පොළොන්නරුව,දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ඇති බවයි තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරබේ තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරබේ Reviewed by Unknown on 6:05 PM Rating: 5
Powered by Blogger.