අයි.එස්. ත්‍රස්තයන්ගේ දෙවන නායකයා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුට

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන ෆඩිල් අහමඞ් අල් හයාලි ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ධවල මන්දිරය ප්‍රකාශ කළේ හාජි මුටාස් ලෙස ද හැදින්වෙන මොහු උතුරු ඉරාකයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස මිය ගොස් ඇති බවයි. උතුරු ඉරාකයේ මොසුල් නුවර දී පසුගිය අඟහරුවාදා මොහුගේ මෝටර් රථය ඉලක්ක කරගෙන ඇමරිකානු ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක වී තිබෙනවා.



ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. මෙහෙයුම් සඳහා අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, රථ වාහන මෙන්ම නව සාමාජිකයන් විශාල වශයෙන් රැගෙන ඒම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මොහු විසින්. ඒ අනුව අල් හයාලිගේ මරණය අයි.එස්. සංවිධානයේ මෙහෙයුම්වලට දැඩි බලපෑමක් සිදුකරනු ඇතැයි විශ්වාස කරනවා. ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. නායකයන් රැසක් පසුගිය කාලය තුළ ජීවිතක්ෂයට පත්වුණා.
අයි.එස්. ත්‍රස්තයන්ගේ දෙවන නායකයා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුට අයි.එස්. ත්‍රස්තයන්ගේ දෙවන නායකයා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුට Reviewed by Unknown on 1:15 PM Rating: 5
Powered by Blogger.