බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - 10ක් රෝහලේ
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පෙරවරු 06.45 ට පමණ හොරණ සිට නුවරඑළිය දෙසට ධාවනය වූ බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
බස් රථය පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් පුද්ගලයින් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Reviewed by Unknown
on
12:57 PM
Rating:
Reviewed by Unknown
on
12:57 PM
Rating: