හිස්බුල්ලාගේ කණ්ඩායම් ගැබිණි මවකට පහරදීලා
මඩකළපුව දිස්ත්‍රික් එජනිස අපේක්ෂක හිස්බුල්ලා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමත් සමගම ඔහුගේ බල ප්‍රදේශය වන කාත්තන්කුඩි හි ඊයේ රාත්‍රී ගැටුමක් හටගෙන ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ගැටුමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගැබිණි කාන්තාවකට ද මැරයින් විසින් පහරදී ඇති බවත්, එය මනුෂ්‍යත්වයට පවා නිගා දෙන තත්ත්වයක් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වාදෙයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගයෙකුට ද තුවාල සිදුව ඇත.
පූර්ව මැතිවරණ සමයේ දී කාන්තාන්කුඩි හි කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් පාලනයට අතිරේක පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදු විය. මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධව මේ මැතිවරණයේ වාර්තා වූ එකම සිදුවීම ඇතිවූයේ ද කාත්තන්කුඩි හිදී ය.
මේ දක්වා කාලය තුල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 13 ක් වාර්තා වී ඇත.
මෙම ප්‍රහාරය දැඩිව හෙළාදකින බවත්, හැකි ඉක්මනින් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසත් කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

Reviewed by Unknown
on
11:19 AM
Rating:
Reviewed by Unknown
on
11:19 AM
Rating: