නුවරඑළියේ සිසුන්ට ගෙන ආ මත් දුම්කුඩු
සිසුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත් දුම්කුඩු පැකට් 401 ක් නුවරඑළිය පොලිසිය විසින් අද (22) සොයා ගත්තා. එම මත් දුම්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ ස්ථානයක සිට මත් දුම්කුඩු ප්‍රවාහනය කර ඇති බවටයි.
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්කුඩු බෙදාහැරීමේ සිද්ධීන් කිහිපයක්ම පසුගිය මාස කිහිපය තුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් සහ මහනුවර, පොළොන්නරුව වැනි ප්‍රදේශවලින්ද වාර්තා වුණා.
ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, වෛද්‍ය චමීර නිලංග සඳහන් කළේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව පාසල් වාරය ඇරඹීමත් සමඟම නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි.

Reviewed by Unknown
on
10:11 PM
Rating:
Reviewed by Unknown
on
10:11 PM
Rating: