සෞදි ගින්නට මැදිවූ ශ‍්‍රී ලාංකිකයන් සිටීද?
සෞදි අරාබියේ විදේශ ශ‍්‍රමිකයන් රැදී සිටින නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ නියෝජිත කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. සෞදි අරාබියේ - රියාද් නුවර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්සල් ජනරාල් වී.ඩබ්ලිව්.එම්.පී.කේ.ටී හෙට්ටිආරච්චි කියා සිටියේ අනතුරෙන් රෝහල් ගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.
සෞදියේ කෝබාර් නගරය ආසන්නයේ පිහිටි - ඇරැම්කෝ තෙල් සමාගමේ සේවක නිවාස සංකීර්ණයක ඊයේ ගින්නක් හට ගත්තා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම ගින්නෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී, 259 දෙනෙකු තුවාල ලබා රෝහල් කෙරුණු බවයි. ඉන් 80 කට වැඩි පිරිසක් තවදුරටත් ප‍්‍රතිකාර ලබන අතර, කිහිපදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන්. මියගිය පුද්ගලයන් අතර, ආසියානු සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයන් තුන්දෙනෙකු, පාකිස්ථාන ජාතිකයෙකු සහ නයිජීරියානු කාන්තාවකද සිටි බව සෞදි සිවිල් ආරක්ෂක සේවාව සඳහන් කළා.
එහෙත් තුවාල ලැබූ පුද්ගලයන් කුමන ජාතීන්ට අයත්දැයි මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. අල්කොබාර් හි පිහිටි ඇරැම්කෝ සේවක නිවහන් සංකීර්ණය මහල් 6 කින් යුත් ගොඩනැගිලි 8 කින් සමන්විත වන අතර ඒවායේ නිවාස ඒකක 486 ක් පවතින බව සඳහන්. ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගම ඇරැම්කෝ හි සේවකයන් 61 දහසෙන් බහුතරයක් ශ‍්‍රී ලාංකිකයන් ඇතුලූ විදේශ ශ‍්‍රමිකයන්.

Reviewed by Unknown
on
4:02 PM
Rating:
Reviewed by Unknown
on
4:02 PM
Rating: