විපක්ෂ නායක පත් කිරීම විපක්ෂයට

විපක්ෂ නායකවරයා පත් කිරීමේ අවස්ථාව විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ප‍්‍රකාශ කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සඳහන් කළා. ජනාධිපතිවරයා සමඟ ජනාධිපති නිල නිවසේ අද පෙරවරුවේ පැවති සන්ධාන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම සාකච්ජාවට නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ මෙන්ම මහජන පක්ෂයේ නියෝජිතයින් ද එක්ව සිටියා. මෙහිදී නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුව පිළිබඳව සහ නිදහස් සන්ධානයට නව මහලේකම්වරයෙකු පත් කළ ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත් බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ.
විපක්ෂ නායක පත් කිරීම විපක්ෂයට විපක්ෂ නායක පත් කිරීම විපක්ෂයට Reviewed by Unknown on 2:48 PM Rating: 5
Powered by Blogger.