අද සිට සියලු අපේක්ෂකයන්ට රාජ්‍ය උත්සව තහනම්

රජයේ පළාත් සභා හෝ පළාත් පාලන ආයතන අද (11) සිට 18 දක්වා වන කාල සීමාව තුළ පැවැත්වෙන කිසිදු උත්සවයක ආරාධිතයෙකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකු සහභාගි කරගත නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10) පැවැසීය.


මේ සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ‍ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ‍ලේකම්වරු, දිසාපතිවරු, පළාත් සභා අමාත්‍ය ‍ලේකම්වරු, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා යවා ඇතැයිද මැතිවරණ කොමසාරිස්වරයා කීය.

යම් හෙයකින් අදාළ කාල සීමාව තුළ එවැනි උත්සවයකට අපේක්ෂකයෙකු සහභාගි වී තිබිම තුළින් පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනයක් වූ බව සනාථ වුවහොත් එම උත්සවය සංවිධානය කළ රජයේ නිලධාරියා ඒ සඳහා වගකිව යුතු බවද හෙතෙම කීය.

මෙවැනි උත්සව හරහා යම් අපේක්ෂකයෙක් අපේක්ෂකත්වය හෝ පක්ෂය ප්‍රවර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහය තුළින් වෙනත් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු අගතියට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවද මුද්‍රිත ආයතන ප්‍රධානීන් සමග ඊයේ (10) පැවැති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පැවැසීය.
අද සිට සියලු අපේක්ෂකයන්ට රාජ්‍ය උත්සව තහනම් අද සිට සියලු අපේක්ෂකයන්ට රාජ්‍ය උත්සව තහනම් Reviewed by Unknown on 5:01 PM Rating: 5
Powered by Blogger.