නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී “තොරතුරු කවුළුවක්“ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

 ඒ අනුව ලබන 23, 24 සහ 25 යන තෙදින එම තොරතුරු කවුලුව පැවැත්විමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේ 08 වන අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ, පළමු රැස්වීම සඳහා අවශ්‍ය  විධිවිධාන සැලසීම පහසුකරවීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පහසුව සඳහා මෙම පියවර ගත් බවයි.


තොරතුරු කවුලුව මගින් මන්ත්‍රිවරුන්ට අත්‍යාවශ්‍ය සහ ප්‍රයෝජනවත් තොරතුරු සහ ලිපිලේඛන ලබාදීමට නියමිතය.

එම නිසා ඊට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සියළුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.


එමෙන්ම එදින පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම පහසු කරවනු පිණිස ජාතික හැදුනුම්පත හෝ තම අනන්‍යතාව තහවුරු කළ හැකි වලංගු වෙනත් ලේඛනයක් රැගෙන එන ලෙස මහලේකම්වරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එම කටයුත්ත තවදුරටත් පහසු කිරිම සදහා හැකිනම් www.parliament.lk වෙබ් අඩවියේ පළ කර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර එදිනට රැගෙන එන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල හැදුණුම්පත් සඳහා ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා සුදානම්ව පැමිණෙන ලෙස ද මහලේකම්වරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් Reviewed by Unknown on 5:48 PM Rating: 5
Powered by Blogger.