වාලච්චේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද දහවල් 12.15ට පමණ අදාළ පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 35 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
වාලච්චේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට වාලච්චේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට Reviewed by Unknown on 5:21 PM Rating: 5
Powered by Blogger.