බරපතල මංකොල්ලයක් ගැන විමල් කියයි

ලෝක ඉතිහාසයේ ජාතික ලැයිස්තුවක සිදුවූ බරපතලම මංකොල්ලය සන්ධානයේ ජාතික ලැයිස්තුව තුල සිදුවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොදු විපක්ෂය ලෙස නාරාහේන්පිට -  අභයාරාමයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ විනය පොල්ල දමා ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ දේශපාලන තීරණ යටපත් කරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි වසර 5 ඇතුළත විසුරුවා හැරීමට නොහැකි බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියා.
බරපතල මංකොල්ලයක් ගැන විමල් කියයි බරපතල මංකොල්ලයක් ගැන විමල් කියයි Reviewed by Unknown on 10:53 PM Rating: 5
Powered by Blogger.