දෙවන ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට

.සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 278කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 393ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 306ක් ලබා ගත්තා. දෙවන ඉනිමේදී ඉන්දියාව කඩුලූ 8ක් දැවී ලකුණු 325ක් රැස් කළා. තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 413ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූ පිතිකරුවන් ලකුණු 134කට දැවී ගියා. ඒ අනුව තරඟයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එකට එකක් ලෙස ලබා ගනිමින් කණ්ඩායම දෙකට සම තත්ත්වය හිමිව තිබෙනවා.

මේ අතර, තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ කුමාර් සංගක්කාර කියා සිටියේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්ත ද සැමදා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සිටින බවයි.

මෙම අවස්ථාවට සහභාගි වූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වූ සුනිල් ගවස්කාර් සඳහන් කළේ කුමාර් සංගක්කාර, ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ මහත්මා ගුණයෙන් පිරි ක්‍රීඩකයෙකු බවයි. එමෙන්ම ජාත්‍යන්තර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන ලෙස තමන් සංගක්කාරගෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී කියා සිටියා.
දෙවන ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට දෙවන ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට Reviewed by Unknown on 9:57 PM Rating: 5
Powered by Blogger.