තවත් ගුවන් යානයක් අතුරුදහන්වෙයි


මගීන් පනස් හතර දෙනෙකු ගමන් කරමින් සිටි ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍ර දේශයේදී  අදාළ ගුවන් යානයේ සම්බන්ධතා බිඳවැටී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

ට්‍රිගානා එයාර් ගුවන් සමාගමට අයත් ඒ.ටී.ආර්. 42 නැමැති ගුවන් යානය මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්.

සෙන්ටානී ගුවන් තොටුපොළේ සිටි ඉන්දුනීසියාවේ දකුණු ප්‍රෙද්ශයට ගමන් කරන අවස්ථාවේදී අදාළ ගුවන් යානයේ සම්බන්ධතා බිඳවැටී තිබේ.

සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් කඳුකර ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය නිසා එය දුෂ්කර වී ඇත.



තවත් ගුවන් යානයක් අතුරුදහන්වෙයි තවත් ගුවන් යානයක් අතුරුදහන්වෙයි Reviewed by Unknown on 5:51 PM Rating: 5
Powered by Blogger.