දෙමළ ජනයාගේ ගැටලු විසඳීමට නව රජය උත්සහ කළ යුතුයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමට නව රජය උත්සාහ දැරිය යුතු බව ඉන්දීය සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ තමිල්නාඩු ලේකම් ආර්. මුතුරාසන් පවසන්නේ පසුගිය කාලය තුළ අදාළ ගැටලුව සඳහා නිසි අවධානයක් යොමු නොවු බවයි.


දෙමළ ජාතිකයින්ටද ශ්‍රී ලංකාව තුළ සම අයිතීන් ලැබෙන දේශපාලන විසඳුමක් පිළිබඳ නව රජයේ අවධානය යොමු විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම පැවති දේශපාලන වාතාවරණය වෙනස් මගකට යොමු කරමින් සියළු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් රට තුළ ගොඩනැගීමට නව රජය පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවද ඉන්දීය සමාජවාදී පක්ෂයේ තමිල්නාඩු ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජනයාගේ ගැටලු විසඳීමට නව රජය උත්සහ කළ යුතුයි දෙමළ ජනයාගේ ගැටලු විසඳීමට නව රජය උත්සහ කළ යුතුයි Reviewed by Unknown on 11:05 AM Rating: 5
Powered by Blogger.