තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා

කිරිඇල්ල, පහලගම, දම්මුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක්  ඝාතනය කර තිබේ.
පවුලේ ඇති වූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
එහිදී තවත් කාන්තාවකටද  පහරදී ඇති අතර ඇය කිරිඇල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි පහලගම, දම්මුල්ල,කරදන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 23 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පැවසුවේය.

සැකකරු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරිඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක්  ඝාතනය කරලා Reviewed by Unknown on 11:07 AM Rating: 5
Powered by Blogger.