ජනපති කින්නියා ප්‍රදේශයේ හදිසි සංචාරයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හදිසියේම ඊයේ (22) කින්නියා ප්‍රදේශයට ගොස් එහි ජනතාව මුණ ගැසුණි.

හදිසියේම කින්නියා ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමාව ප්‍රිති ඝෝෂා නගමින් එම ජනතාව විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ උපහාරයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

මෙහිදි ජනතාව තමන් මුහුණ දී ඇති ගැටලු රැසක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දයා ගමගේ, එම්.එස්. නවුෆික්, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නජීඩ් අබ්දුල් මජීඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති කින්නියා ප්‍රදේශයේ හදිසි සංචාරයක ජනපති කින්නියා ප්‍රදේශයේ හදිසි සංචාරයක Reviewed by Unknown on 9:01 AM Rating: 5
Powered by Blogger.