පාසල් විෂය නිර්දේශය ළමා මනසට ගැලපෙන පරිදි සංශෝධනයට සැලසුම්
දැනට ක්‍රියාත්මක පාසල් විෂය නිර්දේශය ළමා මනසට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසුවේ, පවත්නා විෂය නිර්දේශය සංකීර්ණ කරුණු රැසකින් සමන්විත වීම හේතුවෙන් ළමා මනස අනවශ්‍ය පීඩනයකට ලක් කරන බව ය.
මේ පිළිබඳ අධ්‍යාපන විශේෂඥයින් මෙන්ම මනෝ වෛද්‍ය විශේෂඥයින් ද ජාතික අධ්‍යාපන ආයතනයට කරුණු ඉදිරිපත් කළ බව ඔහු පැවසී ය.
ඒ අනුව, පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වාත්, 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාත් , 12 සහ 13 ශ්‍රේණිවල ත් ඛාණ්ඩ තුනක් යටතේ විෂයමාලා සංශෝධනය කෙරෙනු ඇති.
ඒ සඳහා ජාතික විෂය නිර්දේශ රාමුවක් සකස් කිරීම සඳහා වන කමිටුවක් ද පත් කරන බව ඔහු පැවසී ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඇතැම් විෂයන් සඳහා උගන්වන කරුණු විශ්වවිද්‍යාලවල පළමු වසරේ ද උගන්වන බව ය.
පළමු අදියරේදී විද්‍යාව, ගණිතය, සිංහල සාහිත්‍ය, භූගෝල විද්‍යාව වැනි විෂයන්ට අදාළව මෙන්ම ප්‍රාථමික අංශයේ විෂයන් සම්බන්ධයෙන් මෙම කමිටුව හරහා නිර්දේශ ඉදිරිපත් කිරිමට නියමිත ය.

Reviewed by Unknown
on
9:45 AM
Rating:
Reviewed by Unknown
on
9:45 AM
Rating: