TNA ජාතික ලයිස්තුව - අදත් සාකච්ඡා
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව දෙමළ ජාතික සන්ධානයට හිමිවී ඇති ජාතික ලයිස්තු ආසන සම්බන්ධයෙන් අද (23) දිනයේත් සාකච්ඡාවක් පවත්වන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළා. දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පසුගිය මහ මැතිවරණයෙන් තේරී පත්වූ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ත්‍රිකුණාමලයේ පැවති එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට නොහැකිවූ බවයි අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.
මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 14 ක් ජයගත් අතර ඒ අනුව ඔවුන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවුණා.
ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ සහ අයි.ටී.ඒ.කේ. යන පක්ෂ හතරෙන් දෙමළ ජාතික සන්ධානය සමන්විත වන අතර, එම පක්ෂ හතරම නියෝජනය කරන මන්ත්‍රීවරුන් පසුගිය මහ මැතිවරණයේදී තේරී පත්වුණා.
දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණයේදී තරඟ වැදුනේ මාවෙයි සේනාධිරාජගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ලේකම් ධුරය දරන අයි.ටී.ඒ.කේ. පක්ෂයේ නම සහ ලාංඡනය යටතේයි.

Reviewed by Unknown
on
10:10 AM
Rating:
Reviewed by Unknown
on
10:10 AM
Rating: