ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය ඇරඹේ.

ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරඟාවලිය ඊයේ (22) බීජිං නුවරදී ආරම්භ වුණා. ඒ, 2008 වසරේ චීනයේ - බීජිං නුවර පැවති ඔලිම්පික් තරඟාවලියේ මලල ක්‍රීඩා පැවති කුරුළු කැදැල්ල නමින් හඳුන්වන ක්‍රීඩාංගනයේදීයි.

චීනය ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරඟාවලියකට සත්කාරකත්වය ලබාදෙන පළමු වතාවද මෙයයි.

මෙවර චීනයේ පැවැත්වෙන්නේ ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරඟාවලියේ 15 වැන්නයි.

ඊයේ පස්වරුවේ විචිත්‍රවත් සමාරම්භක උළෙලකින් තරඟාවලිය ආරම්භ වුණා. මෙම අවස්ථාවට චීන ජනාධිපතිවරයා, ජගත් මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා ඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියා.
මෙම ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරඟාවලිය දින 09ක් පුරා ක්‍රියාත්මක වනු ඇති.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය ඇරඹේ. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය ඇරඹේ. Reviewed by Unknown on 10:15 AM Rating: 5
Powered by Blogger.