අගමැති දළදා සමිදුන් වැඳපුදා ගනියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ ආශිර්වාද ලබා ගෙන තිබේ.
අග්‍රාමාත්‍යවරයාට අමතරව නව රජයේ නියෝජතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.
අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකිමට ගොස් ආශිර්වාදය ලබාගෙන තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමඟ කෙටි පිළිසඳරකද නිරත වී ඇති බව සඳහන්ය.
එම අවස්ථාවට මලික් සමරවික්‍රම, ලක්ෂමන් කිරිඇල්ල, රවුෆ් හකිම්, රංජිත් අළුවිහාරේ සහ වසන්ත අළුවිහාරේ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
අගමැති දළදා සමිදුන් වැඳපුදා ගනියි
Reviewed by Unknown
on
5:13 PM
Rating:
Reviewed by Unknown
on
5:13 PM
Rating:
