හෝමෝනයක් පිළිකා සටනට එයි
පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
මාසයකට පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන් 1000ක් පමණ මියයන බව පර්යේෂකයෝ කියති. වසරක දී එංගලන්තයේ පමණක් පිළිකා රෝගීන් 55,000ක් අලුතෙන් සොයා ගැනෙති.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඉන් අඩකට පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය සුදුසු බවයි. එය ඉතා ලාභදායී හා ආරක්ෂාකාරීය.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ජැසන් කැරෝල් පවසන්නේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට මේ ප්‍රතිකාරයෙන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බවයි. එංගලන්තයේ චැරිටි බ්‍රෙස්ට් කැන්සර් ආයතනයේ ආචාර්ය රිචර්ඩ් බර්ක්ස් පවසා ඇත්තේ මෙම සොයා ගැනීම අපූර්ව ජනක බවයි. කෙසේ වෙතත් ප්‍රොජෙස්ටරෝන් මගින් ඉතාමත් වැදගත් ප්‍රතිළුල ලබා ගත හැකිද යන්න තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.

Reviewed by Unknown
on
3:49 PM
Rating:
Reviewed by Unknown
on
3:49 PM
Rating: