මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත ය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සංස්කෘතිකාංග රැසකින් යුක්ත පෙරහැර සඳහා කලාකරුවන් 1500 ක් සහ අලි ඇතුන් 90 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව ය.

අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් මේ වන විට ත් මහනුවර නගරයට පැමණ ඇත.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද Reviewed by Unknown on 8:45 AM Rating: 5
Powered by Blogger.