ඇමැති මණ්ඩලය 48 ක් වෙයි

ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.
ඒ සඳහා වන විවාදය අද පැවැත්විණි. ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැති ධූර සංඛ්‍යාව වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබීය. යෝජනාවට පක්ෂව මන්ත්‍රීන් 143ක් ඡන්දය ලබාදුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 16ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ.

ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතුය.
ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි.
ඇමැති මණ්ඩලය 48 ක් වෙයි ඇමැති මණ්ඩලය 48 ක් වෙයි Reviewed by Unknown on 9:33 PM Rating: 5
Powered by Blogger.