ඉන්දු ලංකා මුහුදු පාලම හා උමං මාර්ගය සදහා කෝටි 72,000ක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු මාර්ගික පාලමක් සහ මුහුදු යටින් උමං මාර්ගයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ දෙරට අතර අද (16) සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය පීටීඅයි පුවත් සේවය වාර්තා කරයි. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.19 (රුපියල් කෝටි 72600) ක මුදලක් වැයවේයයි අපේක්ෂිතය.
ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය නිතින් ගද්කාරි සහ ඉන්දියාවේ සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ ගැන සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ ධනුස්කොඩිය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් දූපත යාකරමින් කි.මී 22 න් යුතුව මෙම මුහුදු පාලම හා උමං මාර්ගය නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවනු ඇති බව එම පුවත් සේවය සඳහන් කරයි.
බහු අංශික මූල්‍ය ප්‍රදාන ආයතනයක් වන ආසියා සංවර්ධන බැංකුව විසින් අ.ඩො බිලියන 8ක (රුපියල් බිලියන 1120.17 )පිරිවැයක් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ‍සහ නේපාලය වැනි රටවල මෙවන් සංවර්ධන ව්‍යාපෘති සඳහා දී ඇති අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වන ව්‍යාපෘතියටද ආසියා සංවර්ධන බැංකුව එකඟවී තිබේ.
ඉන්දු ලංකා මුහුදු පාලම හා උමං මාර්ගය සදහා කෝටි 72,000ක් ඉන්දු ලංකා මුහුදු පාලම හා උමං මාර්ගය සදහා කෝටි 72,000ක් Reviewed by Unknown on 3:51 PM Rating: 5
Powered by Blogger.