කාන්තා හා ළමා හිංසන දැනුම් දීමට පැය 24 පුරාම සෘජු දුරකථන සේවාවක්‌

කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව දැනුම්දීම සඳහා කාන්තා හා ළමා කාර්යාංශයෙන් ක්‍රියාත්මක වන නිදහස්‌ සෘජු දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනි චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය පවසයි.

ඒ අනුව ඉදිරියේ දී ළමා හිංසන දැනුම්දීම සඳහා ක්‍රියාත්මක 1929 යන ක්‌ෂණික දුරකථන අංකය සහ කාන්තා හිංසන දැනුම්දීම සඳහා 1938 යන ක්‌ෂණික දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 පසුගිය කාලයේ දී මෙම ක්‌ෂණික දුරකථන සේවා ක්‍රියාත්මක වුවද එය පෙරවරු 8.00 සිට සවස 4.00 දක්‌වා පමණක්‌ සීමා විය. ඇමැති චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (15 වැනිදා) කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.
කාන්තා හා ළමා හිංසන දැනුම් දීමට පැය 24 පුරාම සෘජු දුරකථන සේවාවක්‌ කාන්තා හා ළමා හිංසන දැනුම් දීමට පැය 24 පුරාම සෘජු දුරකථන සේවාවක්‌ Reviewed by Unknown on 3:17 PM Rating: 5
Powered by Blogger.