දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා බස් සේවා අද සිට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස විවෘත වීම ත් සමග කඩවත සිට මාතර දක්වා අද සිට බස් සේවා ආරම්භ වේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් බී.සී. දිසානායක මහතා පැවසුවේ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග එක්ව එම බස් සේවා යොදවන බව ය.

ඒ අනුව කඩවත සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස් රථ ගාස්තුව රුපියල් 500කි.

කඩවත සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථ ගාස්තුව රුපියල් 400ක් බව ද අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, කඩවත නගරයේ සිට අලුයම 5.30 සිට රාත්‍රී 9.30 දක්වා සෑම පැයකට වරක්ම බස් රථයක් ධාවනය කෙරෙන බව ය.

මීට අමතරව කඩවත සහ ගම්පහ නගරවල සිට බත්තරමුල්ල දක්වා ද විශේෂ බස් සේවා ආරම්භ කර තිබේ.

බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය, ඉසුරුපාය, සම්පත්පාය ඇතුළු පරිපාලන සංකීර්ණවල රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීමට පැමිණෙන බොහෝ පිරිසකට මෙමගින් වාසි රැසක් අත්වන බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා බස් සේවා අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා බස් සේවා අද සිට Reviewed by Unknown on 2:44 PM Rating: 5
Powered by Blogger.