ජිනීවා යෝජනා තීන්දුව ලබන බදාදා
යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීමේ හා යුධ අපරාධ වලට විසඳුම් සෙවීමේ සඳහා ශ්‍රීලංකාව ඉදිරිපත් කරන්නට යන යාන්ත්‍රණයට සහාය දක්වමින් ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී නිල වශයෙන් සභාගත කළ යෝජනාව පිළිඹඳ විවාදය හා ඡන්ද විමසීම ලබන බදාදා (30) එම කවුන්සිලයේදී සිදුවෙතියි ජීනිවා තානාපති ආරංචි මාර්ග කියයි.
යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල අනුමැතිය හිමිවිය යුතුය.‘ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම, හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම‘ තේමා කරගත් මෙම යෝජනාවට ඇමරිකාව සමග බ්‍රිතාන්‍යය,මෙසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් ඒකාබද්ධව සිටී.
මෙම යෝජනාවේ මුල් කෙටුම්පතේ සඳහන් වූ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවට ශ්‍රීලංකා රජයේ නියෝජිතයින් මුල සිටම ඉදිරිපත් කර තිබූ විරෝධතාවන්ද සැළැකිල්ලට ගෙන යෝජනාවේ අවසන් කෙටුම්පතින් ඒවා ඉවත් කිරීමට ශ්‍රීලංකාව සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කළ රටවල් පියවර ගෙන තිබිණි.
පසුගිය සමයේ මෙරට ජනමාධ්‍යෙවේදීන්,පුද්ගලයින් අතුරුදන්වීම්,විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම් වලට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමටත්,ඉදිරියේ එවැනි දෑ සිදුනොවීමටත් වගබලා ගතයුතුබවද එම යෝජනාවේ සඳහන් වේ.එසේම ක්‍රියාත්මක කිරීමට යන යාන්ත්‍රණයට පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර විද්වතුන්ගේ සහය ලබාගත යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සහ අගෝස්තු මාසයේ මෙරට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවල නිදහස් සහ සාධාරණභාවය මෙන්ම එමගින් සිදුවූ සාමකාමී දේශපාලන පරිවර්තනද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් ඇමරිකාව ප්‍රමුඛ එම රටවල් පිළිගෙන ඇත.
අල්ලස,දූෂණය,වංචා හා අත්තනෝමතික ලෙස බලය යෙදවීම විමර්ෂණය කිරීමටත්,වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත් ශ්‍රීලංකාව මේ වන විට ගෙන ඇති පියවර එම යෝජනාවලියෙන් පසසා තිබේ.ගැටුම් පැවැති උතුරු නැගෙනහිර පෙදෙස්වල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට හා අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමට රජය ගෙන ඇති පියවරයන්ද මෙම යෝජනාවලියෙන් පිළිගෙන තිබේ.
මෙරට අධිකරණ පද්දතිය පිළිඹඳව සියලු ජන කොටස් අතර විශ්වාසය ඇති කරලීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අතවශ්‍ය බව ශ්‍රීලංකා රජය පිළිගෙන තිබීම ප්‍රශංසනීය බව ඇමරිකාව ප්‍රමුඛ රටවල අදහසයි.මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් පිළිඹඳ සොයා බැලීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවරද මෙම යෝජනාවලියෙන් ඇගයීමට ලක්කර ඇත.

Reviewed by Unknown
on
8:10 PM
Rating:
![ජිනීවා යෝජනා තීන්දුව ලබන බදාදා](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdWJ4oJaSRjq5otgIkOmg00zhBRFrhXtbx0tLX20kDE-bKJxKfZ0AKYRKe1MT-UJRKdEGqJFqq8iEEaZbNUN4pd0E6NY5BA6WF6Uq7-ilKdrThLsHPFXP85AJ6G8FEAzQhomRlu9qega4a/s72-c/un-human-rights.jpg)