‘ත්‍රස්තයාට ගහන්න මුළු ලොවම එක් විය යුතුයි‘
"පවතින ගැටුම් නිම වී සාමය ඇති වීම තරම් යහපතක් රටකට තවත් නැහැ. ලංකාවේ යුද්ධය අවසන් වී ගතවු වසර පහේ මානව අයිතිය සුරකමින්,යටිතල පහසුකම් සංවර්ධනය වීම ආදී විවිධ වෙනස්කම් රටේ ඇති වෙලා යැයි අැෆ්ඝනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි අද(01) කොළඹදී පැවසීය.
කර්සායි මහතා කියා සිටියේ ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරීම ගෝලීය හා කලාපීය වශයෙන් සියලු රටවල් එක්විය යුතු බවත්,ත්‍රස්තවාදයේ ආදීනව හොඳින්ම දන්නා ඉන්දියාව ,පකිස්තානය ,ඇමෙරිකාව ,ඇෆ්ගනිස්තානය , ලංකාව ඇතුළු රටවල් එක්ව සිය අත්දැකීම් ඒ වෙනුවෙන් බෙදා හදා ගත යුතු බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව අද(01) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ වූ අතර එහි ප්‍රධාන දේශනය පවත්වමින් ඇෆ්ගන් හිටපු ජනපතිවරයා මේ බව කීය.
2011 වසරේ ආරම්භ කළ මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ පස් වන වරටය.“ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව“ යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන්නේ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා ,ඉන්දීවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක අරුවින් ගුප්තා,ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක,යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළත් දෙස් විදෙස් ආරක්ෂක නිලධාරීන් ,රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු රටවල් 34ක නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගි වුහ.

Reviewed by Unknown
on
2:36 PM
Rating:
![‘ත්‍රස්තයාට ගහන්න මුළු ලොවම එක් විය යුතුයි‘](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHkJ1uJPxFbEvhC3IkWA2e8DfiH8Ead1lPXw071DLV7APrfT2IfSmW999FdbJsG8J2-cYzxsG2wek7iwB6vqPkgl_o-LKs0MDd16anOoGgk1F1BkEq3337nGjrvWGVUCXwSKF-PLB5SUhW/s72-c/Secretary_receives_former_Afghan_leader_HE_Hamid_Karzai_20150831_02p2.jpg)