වන අලින්ටත් වස දෙන වන වැදුණු මිනිස්සු

නවගත්තේගම  අන්දර වැවේ රැදී සිටි වල් අලියකු ගම්මුන්ගේ සහය ඇතුව  වැවෙන් ගොඩට   ගැනීමෙන් පසු රෝගි වල් අලියාට වන ජීවි  පශු වෛද්‍ය  දොස්තර චන්දන ජයසිංහ මහතා ඇතුළු වන ජීවි නිළධාරින් පිරිසක් (14) වන දින  ප්‍රථිකාර කිරීම සදහා පැමිණ තිබුණි.

අසාධ්‍ය තත්ත්වයේ සිටි වල් අලියා අඩි 6 කට ආසන්න උසකින් හා වයස අවුරුදු 7කින්  යුක්ත   බවත්, නවගත්තේගම ආශ්‍රිත වගා බිම් වලට ඇතුළු වීමෙන් පසුව මෙසේ රෝගාතුර වී ඇති බවට වන ජීවි නිළධාරින් සැක පලකරති.

වයඹ උතුරු මැද පළාත් භාර පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා එහිදී වැඩි දුරටත් පවසා සිටියේ මෙම වල් අලියාට අධික විෂ සහිත කුරේටර් වැනි කෘෂි  රසායනයක් ආහාරයකට මිශ්‍ර කර දි ඇති ඇති අතර,   පසුව ආමාශය දරුණු ලෙස තුවාල සිදුව තැවත ආහාර ගැනිමට නොහැකිව කුසගින්නේ කාලයක් සිට ඇති බවයි. ප්‍රථිකාර ලබා දුන්නද සතාගේ ජීවිතය අවධානමක ඇති බවද, චන්දන ජයසිංහ මහතා පැවසිය.

ප්‍රථිකාර ලබා දිමෙන් පැය කිපයකට පසුව අලියා වන ජිවි නිළධාරින්ගේ ආධාරයෙන් නැගිට අසල වනයට ගමන් කරන ආකාරය දක්නට ලැබිණි.



වන අලින්ටත් වස දෙන වන වැදුණු මිනිස්සු වන අලින්ටත් වස දෙන වන වැදුණු මිනිස්සු Reviewed by Unknown on 7:44 PM Rating: 5
Powered by Blogger.