සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා [photos]

කොටදෙණියාව හරන්කහ අරවින්දවත්ත ප‍්‍රදේශයේදී බරපතළ අපයෝජනයට ලක්කොට ඝාතනය කෙරුණු සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, ප‍්‍රදේශවාසීන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්. පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි සදෙව්මි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසට මීටර් 300ක් පමණ නුදුරින් පිහිටි ඇළ මාර්ගයක ඉවුරේ තිබී පසුගිය ඉරිදා සොයා ගැනුණා.

 ඇයගේ අතුරුදන්වීම මෙන්ම ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් රට පුරා ජනතාවගේ දැඩි අවධානය යොමුවුණා. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් රටම කම්පාවට පත්ව සිටිනවා. සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) සිදු කෙරුණේ බඩල්ගම අකරන්ගහ සුසාන භූමියේදීයි.

මෙම අවමංගල්‍ය උත්සව භූමියට පොලිස් ස්ථාන කිහිපයකින් පොලිස් ආරක්ෂාව ලබා දී තිබූ බවයි. හදිසියේ ඇති විය හැකි කලකෝළහාල පාලනය කිරීම සඳහා මෙලෙස පොලිසිය යොදවා තිබූණා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද සහභාගී වුණා.


මේ අතර සේයා සදෙව්මිගේ අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවස අසල විශාල පිරිසක් රැස්ව සිටියා. ඒ අනුව ප‍්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තරකර තිබෙනවා.

අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවසට බලෙන් ඇතුළු වූ බව කියන දෙදෙනෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂණ අවසන් වනතුරු සාමකාමීව ඉවසීමෙන් සිටින්නැයි සමාජසේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එම ස්ථානයට පැමිණ ඉල්ලීමක් ද කළා.








සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා [photos] සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා [photos] Reviewed by Unknown on 8:28 PM Rating: 5
Powered by Blogger.