මාවන් අතපත්තු ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි

මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ, අනුව සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා මාවන් අතපත්තු කළ ඉල්ලීම පිළිගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එංගලන්ත ජාතික පෝල් ෆ්‍රාබ්‍රේස්, පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මාවන් අතපත්තු එම තනතුරට පත් කළේය.


ඔහු ඒ වනවිට කටයුතු කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු අංශය භාර පුහුණුකරු ලෙස ය.

මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස එක් වසරක කාලයකට තෝරා ගත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දා ය.
මාවන් අතපත්තු ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි මාවන් අතපත්තු ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි Reviewed by Unknown on 10:35 PM Rating: 5
Powered by Blogger.