නව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද සහ හෙට
අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (10) සහ හෙට (11) පැවැත්වේ. මෙම වැඩමුළුව, අද පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ද, හෙට (11) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ද පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ.
මෙම වැඩමුළුව තුළින් පාර්ලිමේන්තු පරිචයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳ අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරන අතර පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශ මගින් ඉටුකෙරෙන කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කිරීමට නියමිතය.
තවද, ජාත්‍යන්තර පාර්ලිමේන්තු විශේෂඥයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ව්‍යවස්ථාදායක අත්දැකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මෙම වැඩමුළුවේදී බෙදා හදා ගැනීමට නියමිත ය.
මෙම වැඩමුළුව තුළින් පාර්ලිමේන්තු පරිචයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳ අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරන අතර පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශ මගින් ඉටුකෙරෙන කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කිරීමට නියමිතය.
තවද, ජාත්‍යන්තර පාර්ලිමේන්තු විශේෂඥයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ව්‍යවස්ථාදායක අත්දැකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මෙම වැඩමුළුවේදී බෙදා හදා ගැනීමට නියමිත ය.
නව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද සහ හෙට
Reviewed by Unknown
on
8:00 AM
Rating:
Reviewed by Unknown
on
8:00 AM
Rating: