මන්ත්‍රී බුද්ධිකට ඇමතිකමක් නැතිවීම ගැන මාතර ජනතාව විමතියට පත් වෙයි

පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට නියෝජ්‍ය අමාත්‍යධුරයක් නොලැබීම ගැන මාතර ජනතාවගේ විමතියට හේතු වී තිබේ.

පසුගිය පාර්ලිමේන්තුවද ඔහු නියෝජනය කළ අතර මෙවර මහ මැතිවරණයට පළමුවරට තරග කළ මන්ත්‍රීධුර හිමිකරගත් ඇතැම් මන්ත්‍රීවරුන්ට  නියෝජ්‍ය අමාත්‍යධුර ලැබෙද්දී  මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට දෙවැනිවරටත් පත් වූ බුද්ධික පතිරණ මහතාට අමාත්‍යධුරයක් නොලැබුණේ ඇයිදැයි මාතර ජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති.

තවත් කැබිනට් අමාත්‍යධුර දෙකක් හා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර පහක් පත්කිරීමට නියමිතය.එහිදීද මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලැබේයැයි මාතර ජනතාව බලාපොරොත්තුවෙන් සිටියි.

මන්ත්‍රී බුද්ධිකට ඇමතිකමක් නැතිවීම ගැන මාතර ජනතාව විමතියට පත් වෙයි මන්ත්‍රී බුද්ධිකට ඇමතිකමක් නැතිවීම ගැන මාතර ජනතාව විමතියට පත් වෙයි Reviewed by Unknown on 9:02 PM Rating: 5
Powered by Blogger.