අපට නඩු දමනවා නම් බ්‍රිතාන්‍යයටත් රුසියාවටත් නඩු දැමිය යුතුයි - ඇමැති පාඨලී චම්පික රණවක

ආක්‍රමණික එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව අප රටට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නඩු දමන්නේ නම් නාසි හමුදාව පරාජය කළ බ්‍රිතාන්‍යයටත් රුසියාවටත් එරෙහිව නඩු දැමිය යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

පැවති රජය සහ රණවිරුවන් සිදු කළේ ආක්‍රමණිකයාගෙන් රට ගලවා ගැනීමට මෙහෙයුමක්‌ මිස ආක්‍රමණයක්‌ නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සීතල කාමරවල සිට නිර්මාණය කරන මෙවැනි වාර්තා නිසා රට තුළ ගොඩනැඟී ඇති සංහිඳියාව හා සාමය බිඳ වැටෙන බවට චෝදනා කළ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සංහිඳියාවට හා සාමයට එරෙහිව කරන අපරාධයක්‌ බවත් අවධාරණය කළේය.

ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.
අපට නඩු දමනවා නම් බ්‍රිතාන්‍යයටත් රුසියාවටත් නඩු දැමිය යුතුයි - ඇමැති පාඨලී චම්පික රණවක අපට නඩු දමනවා නම් බ්‍රිතාන්‍යයටත් රුසියාවටත් නඩු දැමිය යුතුයි - ඇමැති පාඨලී චම්පික රණවක Reviewed by Unknown on 1:34 PM Rating: 5
Powered by Blogger.