ඇමති ධූර සංඛ්‍යාව වැඩි කිරීමේ අගමැතිගේ යෝජනාව කථානායක පිළිගනී
ඇමති ධූර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා විසින් පිළිගනු ලැබ තිබේ.
19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 30ක් විය යුතු අමාත්‍ය ධූර සංඛාව 48ක් දක්වා ත් 40ක් වන නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 45ක් දක්වා ත් වැඩි කිරීම සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් වී තිබිණ.
මෙහිදී අනුර කුමාර දිසානායක මහතා නැගී සිට අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරීමේ මෙම යෝජනාවට සිය විරෝධය පළ කළේ ය.
එහිදී ඔහුගේ තර්කය වූයේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂ එක් වී සාදනු ලබන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වන බව ය.
පසුව පාර්ලිමේන්තුව තුළ විවාදාත්මක තත්ත්වයක හට ගැනුණු අතර එහිදී අනුර කුමාර දිසානාය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, වාසුදේව නානයක්කාර, නිමල් සිරිපාල ද සිල්වා, චන්ද්‍රසිරි ගජධීර අදහස් පළ කළහ.
ඇති වූ විවාදාත්මක තත්ත්වය හමුවේ, ජාතික ආණ්ඩුව පිළිබඳ සිය තීරණය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේ ය.
පසුව යළි රැස්වීමෙන් පසු කථානායකවරයා ජාතික ආණ්ඩුව යන සංකල්පය පිළිබඳ සිය තීරණය සභාවට දැනුම් දුන්නේ ය.
ඔහු පැවසුවේ, පාර්ලිමේන්තුව තුළ වැඩි ම ආසන සංඛ්‍යාවක් ලබා ගෙන සිටින පක්ෂය පාර්ලිමේන්තුව නියෝජන කරන තවත් පක්ෂයක් සමග එක්වී පිහිටුවා ගනු ලබන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගන්නා බව ය.

Reviewed by Unknown
on
1:27 PM
Rating:
Reviewed by Unknown
on
1:27 PM
Rating: