ජවිපෙ ඉල්ලූ විවාදයට ආණ්ඩු පක්ෂයේ එකඟත්වය
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි විවාදය ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟ වී තිබෙනවා. ඒ, කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදියි. ඒ අනුව අනිද්දා එම විවාදය පැවැත්වෙනු ඇති. මීට අමතරව මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට ද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ජවිපෙ ඉල්ලූ විවාදයට ආණ්ඩු පක්ෂයේ එකඟත්වය
Reviewed by Unknown
on
3:26 PM
Rating: