ක්‍රිකට් පිටියේ ඉතා දුර්ලභ සිදුවීමකින් එංගලන්ත ක්‍රීඩකයෙකු දැවීගිය හැටි [video]
ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී එංගලන්ත ක්‍රීඩකයෙකු වන Ben Stokes පන්දුව අතින් ඇල්ලීම නිසා දැවීගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරු විසින් තීරණය කරණු ලැබුවා.
ඔහු සිමා ඉරෙන් ඉදිරියට පැන සිටි මොහොතක ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් විසින් කඩුල්ලට පන්දුව යොමුකරන මොහොතේ එය අතින් ඇල්ලීම නිසයි ඔහු මෙලෙස දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස තීරණය වූයේ.
ඒ, අනුව ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් විසින් කළ ඉල්ලීම තෙවන විනිසුරු ජොයෙල් විල්සන් වෙත යොමු කීරීමෙන් අනතුරුව ස්ටෝක්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරනු ලැබිණි.
එහිදී පිටිය මැද පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන කටයුතු කරනු ලැබිණි.
මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 309ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 3ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණි.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගෙන ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී.
දෙපිල අතර තීරණාත්මත තෙවන එක්දින තරගය ලබන 8 වනදා මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිත ය.
මෙවැනි දැවීයාම් ක්‍රිකට් පිටියේදී ඉතා දුර්ලභ සිද්ධියක් වන අතර එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...

Reviewed by Unknown
on
10:34 PM
Rating:
![ක්‍රිකට් පිටියේ ඉතා දුර්ලභ සිදුවීමකින් එංගලන්ත ක්‍රීඩකයෙකු දැවීගිය හැටි [video]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw1JbUpViOs3rKtuaU0YhQXYHkYJ72RPUKH6I_IvJ1SkjcXusnJR1oGEaACsk31J4CLjBuFUYNyPVlTjQeNf31OtuxgHzkFJJ5E4WFXsam9nmHp0A_BvZCIsBv2AfI5idtgieVm7836EfB/s72-c/Ben-Stokes.jpg)